ජයතු ජයතු මාතා වන්දේ
අපරාජිත මාතා //
රටක් හදන පරපුරක් තැනූ
වන්දේ පාසල් මාතා
සුපසන් ගති පෑ සුර විරුවෝ
ඔබ සෙවනේ දරුවෝ
සාර හාර විදු ශිල්පාලෝකය
ගුණ නැණ නිති දැරුවෝ
ජයතු ජයතු මාතා වන්දේ
අපරාජිත මාතා //
ගුණයෙන් සපිරුණු එඩියෙන් දැඩිවුණු
උතුම් හැගුම් ඛර සිසු දරවෝ
නරවැල්පිට දකුණේ මැදි විදුහල
තුරුලෙන් ඔබ වුුණු විරුවෝ
සැරදේ සැරදේ පාසල් මාතා සැරදේ //