|
වර්තමාන විදුහල්පති |
Mr. M.A.Upananda |
![]() |
විද්‍යාවේදී උපාධියක් සහිත දක්ෂ ගණිත විෂය ගුරුභවතෙකු ලෙස සේවය කර ඇති මෙතුමා මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයෙකු ලෙස වර්තමානයේ සේවය කරනු ලබන අතර මෙම කාලය තුල පළාත් ජාතික පාසලක් ලෙස මෙම විද්‍යාලය තෝරාගැනීමටත් විද්‍යාලයට ටැබ් පරිගණක 49 ක් , පොටෝකොපි යන්ත්‍ර , අන්තර්ජාල පහසුකම් ලබාගැනීමටත් මෙන්ම විද්‍යාලයේ සිසු දරුවන්ගේ උන්නතිය සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සේවය කරනු ලබන්නේය. මෙතුමා මාතර නගර සීමාවේ පදිංචි අතර එහි සිට මෙම ප්‍රදේශයට සේවය සදහා කිලෝමීටර් 30 ක් පමණ දුරක් ගෙවාගෙන පැමිණේ. |
|
...... - ....... |
Mr.N.A.Uyangoda |
![]() |
මෙම ගමෙහි ම උපන් පුද්ගලයකු වන මෙතුමා තමා පදිංචි වලස්මුල්ල ප්‍රදේශයේ සිට මෙම පාසලට සේවය සදහා පැමිණි අතර එතුමාගේ කාලය තුල දෙමාපියන් සහ ගුරුභවතුන්ගේ සහයෝගය ද ඇතිව විද්‍යාලය දියුණු තත්ත්වයට ගෙන ඒමට ඉහමත් උත්සායක් දැරීය. විදුහල්පතිවරයෙකු ලෙස වලස්මුල්ල ජාතික පාසලට ස්ථාන මාරුවක් ලැබීමත් සමග එතුමා මෙම පාසලෙන් ඉවත්විය |
|
...... - ....... |
Mr. H.K.A.D.K.D.Samarasingha |
![]() |
සාස්ත්‍රවේදී කලා උපාධිධාරියකු වන මෙතුමාගේ කාලවකවානුව තුළ පාසලෙහි අධ්‍යාපන කටයුතු හා බාහිර ක්‍රියාකාරකම් මනා ලෙස ඉටුකරමින් සේවය කල අතර මොහු මෙම ග්‍රාමයෙහි ම පදිංචි වේ. මෙම පාසලෙන් ද අධ්‍යාපනය හදාරා ඇති මෙතුමා ගේ කාල වකවානුව තුල වර්තමාන සම්මන්ත්‍රණ ශාලාව ද ඉදිකරනු ලැබීය. එමෙන් ම පාසලෙහි ක්‍රිඩාපිටිය වටා දැලක් සකසා ගැනීමට ද හැකිවිය. විෂය අධ්‍යක්ෂ තනතුරක් ලැබීමෙන් පසුව මෙතුමා හක්මණ අධ්‍යාපන කාර්යාලයේ සේවය කරනු ලැබීය. |
|
...... - ....... |
Mrs. Chandra Padmini |
![]() |
හක්මණ ලාල්පෙ ප්‍රදේශයේ සිට පාසලට පැමිණි මෙතුමිය පළමුව නියෝජ්‍ය විදුහල්පති ධුරයෙහිත් ඉන් පසුව විදුහල්පති ධූරයෙහිත් කටයුතු කරනු ලැබීය. ඇයගේ පාලන කාලය තුල විද්‍යාලයේ කටයුතු මෙන් ම කාර්යාලයීය කටයුතු ද මනා ලෙස සිදුකරමින් පාසලේ සැමගේ ආදරයට පාත්‍රව කටයුතු කරමින් විශ්‍රාම දිවිය දක්වා ම කටයුතු කරන ලදි. |
|
...... - ....... |
Mr. D.K.D.K.D.Gunasena |
![]() |
හක්මණ , පොත්තේවෙල ප්‍රදේශයේ සිට මෙම පාසලට පැමිණි මෙතුමා පාසලේ පරිපාලනය වෙනුවෙන් ඉමහත් වෙහෙසක් දරමින් කටයුතු කරන ලදි. එම කාලය තුල පාසල යථාවක් කිරිමට වැඩි කැපවීමක් සිදුකල මෙතුමා පරිසරය වෙනුවෙන් ද තම ශ්‍රමය කැපකරන ලදි. ඔසු උයනක් විද්‍යාලය තුල ස්ථාපිත කිරිමට ද මෙතුමා කටයුතු කරන ලදි. බුලත් විට කෑමටද මනා ප්‍රියතාවයක් කිබූ අතර පාසලෙන් විශ්‍රාම ගන්නා තුරු සේවය කරන ලදි. |


